ගුරු - විදුහල්පති රාජකාරියට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරයි

ගුරු - විදුහල්පති රාජකාරියට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කරයි

රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට නික්තු කර ඇති චක්‍රලේඛයකට අනුව කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සියලු පළාත් කලාප කොට්ඨාස අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පතිවරුන්ට සහ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.

ඒ කෙසේ වෙතත්, ගුරු – විදුහල්පති සංගම් 14 ක් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත්තේ ඔවුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බවයි.

ගුරු – විදුල්පතිවරු විසින් මේ වනවිට වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව ඇති තත්ත්වයක් යටතේ එම තීරණය ගෙන ඇති බව අදාල ඒකාබද්ධ ලිපියෙන් දැනුම් දී තිබේ.

මේ අතර වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාලව අද දිනයේ දී කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර හෙට(02) ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබා දී ඇති බවට මීට පෙර ලේකම්වරයාට දැනුම් දුන් බව ද එහි සදහන් වේ.

ඒ අනුව, ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සේවයට කැඳවීමේ චක්‍රලේඛයට අනුව ගුරුවරුන් පාසල්වලට නොපැමිණෙන බව වෘත්තීය සංගම් සිය ලිපියෙන් අවධාරණය කරයි.

මේ අතර විදුහල්පති ශ්‍රේණිධාරී සංගමය ද සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ලේකම්වරයාට දන්වා ඇත.

ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 22 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

ඉතාමත් හදිසියේ ගුරුවරු, විදුහල්පතිවරු පාසල්වලට කැඳවමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව අද දින කිසිඳු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු සේවයට වාර්තා නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

අද  දිනය සේවයට වාර්තා නොකිරීම නිසා කිනම් හෝ ගැටලුවක් මතුවන්නේනම් ඒ ඕනෑම ගුරු – විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න