එජාපයට වුනදේ පොහොට්ටුවටත් ? විදුර

එජාපයට වුනදේ පොහොට්ටුවටත් ? විදුර

රට සහ ජනතාව ගැන සිතා කටයුතු නොකළහොත් ඉකුත් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඉදිරියේදී ආණ්ඩුවටද අත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසයි.

ඔහු ඒ බව සඳහන් කර සිටියේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන අතර මහ බැංකු බැදුම්කර වංචාව සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තවදුරටත් නිදැල්ලේ සිටීම ජනතාවට මෙන්ම තමන්ටද ප්‍රශ්නයක් බවත් පවසා ඇත.

අද ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නොමැති බවත්, සියල්ල හිතවත්කම් මත, මුදල් මත තීන්දු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පත් කර ගත්තේ එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීමට බවත්, මේ වනවිට සිදුවන යම් යමි සිදුවීම්වලින් තමන්ටද කුකුසක් මතුව ඇති බවත් ඔහු පවසා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.