මෙරට කොවිඩ් අවදානම ගැන WHO අනතුරු අඟවයි

මෙරට කොවිඩ් අවදානම ගැන WHO අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල වසංගත තත්වය යළිත් ඉහළ යමින් තිබෙන බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.  විශේෂයෙන් වඩාත් වේගවත් ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවයි එම සංවිධානය පවසයි.

මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තය හේතුවෙන් පසුගිය සතියේ තුළ පමණක් ලොව පුරා රටවලින් කොවිඩ් -19 ආසාදිතයින් මිලියන 04ක් පමණ වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටේඩ්රෝස් ගේබ්රියේසස් සඳහන් කරයි.

image 3062ad5361

 එය පසුගිය සතියට සාපේක්ෂව 10% ක ඉහළ යාමකි.

මේ අනුව  ඉදිරි සති දෙක තුළදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මිලියන 200 ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. තවද මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය මිලියන 198.5 ඉක්මවා තිබේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න