සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි විසින් ඊයේ (31) මාධ්‍ය වෙත ලබා දී තිබූ ප්‍රකාශය අනුව අද (01) දින බස්නාහිර පළාතේ ස්ථාන 20ක දී ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමට නියමිත නමුත් එම නිවේදනයේ සඳහන් ස්ථාන කිහිපයක් අදාළ එන්නත් කරණය සිදු නොකිරීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව තිබේ.
මේ ආකාරයට එන්නත් ලබා දෙන බව සඳහන් කර තිබූ පිළියන්දල, මොරටුව දිස්ත්‍රික් රෝහල වෙත සහ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගිය ජනතාවට අද එම ස්ථානවලින් එන්නත් ලබා නොදීම හේතුවෙන් බොහෝ වේලාවක් පොලිම්වල රැඳී සිට ආපස් ගොස් ඇත.
=තවත් පිරිසක්ද කුමන හෝ වේලාවක එන්නත ලබා දෙනු ඇතැයි අපේක්ෂාවෙන් එම ස්ථානවල රැඳී සිටි ඇති බවද වාර්තා වේ.
lankatruth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
