එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම : සමුද්‍රජීවී මරණ ගැන අනාවරණයක් !

 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම : සමුද්‍රජීවී මරණ ගැන අනාවරණයක් !

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව ජූලි 30 දක්වා කැස්බෑවුන් 417 ඩොල්ෆින් 48ක් සහ තල්මසුන් 08 දෙනෙකුගේ මළ සිරුරු ගොඩගසා ඇති බව අනාවරණය වී තිබේ.

ඒ ජූලි 30 වනදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් සිදුකල කරුණු දැක්වීම අනුවය.

මේ අනුව අදාළ දත්ත සැපයීම වනජීවී දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සපයා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දී ඇත.

තවද මියගිය මුහුදු සත්වයින් ගේ මරණ පිළිබඳව සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ සතුන්ගේ මෘත ශරීර පිළිබඳව අදාළ අධිකරණවලට කරුණු වාර්තා කර ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමුකර වැඩිදුර විමර්ශන සිදුකරන බවය.

මේ අතර එම නෞකාව ආසන්නයේ තිබූ ජල සාම්පල ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර විමර්ශනයට ලක්කළ බවත් ඒ අනුව අදාළ ජල සාම්පලවල පෙට්‍රෝලියම් සංඝටක අඩංගුව තිබූ බව අනාවරණය වී තිබෙන බවත් ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න