මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී සිරුරට ගිනි ඇවිලී පිලිස්සීමෙන් මියගිය දැරිය සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ බිරිඳ ඇගේ පියා, සහෝදරයා සහ දැරිය කොළඹට ගෙනා තැරැව්කරු ලබන 26 දක්වා රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා අද පොලීසියට අවසර ලබා දුන්නා ය.
ඒ, ඔවුන් අද(24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
සැකකරුවන් ලබන සඳුදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
