සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත

සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත

පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත.

රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව ඔස්සේ විදේශ රටවලට ලබාදෙන සේවාවන් අඩපණවීමය.

Fiverr, upwork, freelancer වැනි නොබැදි වෘත්තීමය සේවාවන් සපයන වෙබ් අඩවි ඔස්සේ රටට විදේශ විනිමය ගෙනෙන තරුණ තරුණියන් දැඩි අපහසුතාවයට මෙම තහනම ඔස්සේ පත්ව තිබේ.

ඔවුන් බහුතරය තම පාරිභෝගිකයන් අමතන්නේ facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේය. එම මාධ්‍ය බිදිවැටීම හේතුකොටගෙන රටට ලැබෙන්නට තිබෙන ඩොලර් ආදායම නැතිවෙන බව දත යුතුය. තාක්ෂණය දන්න අය facebook සේවාව පවත්වාගෙන යාමට වෙනත් ක්‍රම භාවිතා කළද එයත් 100% සාර්ථකයැයි කිව නොහැක.

image 3cfb7f9673

සමාජ මාධ්‍ය අවහිරය සංචාරක ව්‍යාපාරයට සෘජුව බලපලා

එමෙන්ම රටේ සංචාරක ව්‍යාපාරයට මෙය සෘජුව බලපායි. රට තුළට පැමිණෙන සංචාරකයන් facebook, Viber හා WhatsApp තාක්ෂණය ඔස්සේ තම මව් රටේ ඥාතීන් හා ඡායාරූප බෙදා ගැනීම.

තම මුහුණු පොතේ ඡායාරූප පලකිරීම වැන කටයුතු කරන බව බලධාරීන් නොතෙරනවා සේ හැසිරීම කණගාටුදායකය.

පසුගිය දින වල විදේස් ඉලෙක්ට්‍රෝනික, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රවෘත්ති වාර්ථාකරණයේ මුල්ම ඡේදයන් ලෙස දක්වනු ලැබු පුවතක් වූයේ ශ්‍රී ලංකාව තුල මෙම සමාජ මාධ්‍ය තහනමයි.

එමගින් රටට ගැන විදේශිකයන්ගේ හැගීම කෙබදු වන්නට ඇත්ද? ජාතිවාදය සීමා කිරීමට ගොස් අනාගත්තා වැනි දෙයක් බලධාරීන් රජයට කලායැයි කීම නිවැරදිය.

ඩිජිටල් අලෙවිකරණය ඇනහිටලා !

එමෙන්ම විද්‍යුත් අලෙවිකරණය, ඩිජිටල් අලෙවිකරණ කටයුතුවල නියැළුණු බොහෝ අයගේ ප්‍රචාරණ කටයුතු අඩපණ වී ඇත.

කාන්තා දිනය ගැන ප්‍රචාරණ කටයුතු සූදානම් කරගෙන සිටි බොහෝ දෙනෙක් නොසතුටෙන් කතා කරන්නට විය. මෙම ආයතනවල සේවයෙහි නියැලෙන පිරිස් ඔවුන්ගේ ජීවනාලිය ගෙන යන්නේ කෙසේදැයි මෙම බලධාරීන්ට නොසිතීම ඉතා කණගාටුදායකය.

ජාතිවාදී අදහස් වර්ගවාදී අදහස් පළකිරීම තහනම් බව facebook ආයතනය ඔවුන්ගේ සාමාජීය ගුණාත්මය Community Standard ඔස්සේ දක්වා ඇත.

එමෙන්ම ඔවුන් රටකට තම රටේ ප්‍රතිපත්තිය Country Policy ලබාදීමට පහසුකම දී ඇත. නමුත් මෙම ජාතිභේද ඇතිකරන අදහස් දැක්වීම් වසර ගණනක සිට මුහුණු පොතේ පිටු අතරින් විවිධාකාරයෙන් මතුවන්නට විය.

වගකීමකින් තොරව ගත් තීරණයක් !

ඒ කාලයේ සිට නිහඬ පිලිවෙතක් අනුගමනය කල බලධාරීන් දින කිහිපයකට පෙර සිදුවූ සිදුවීමෙන් පසු හදිසියේ මුහුණු පොත භාවිතය සීමා කිරීම වගකීමකින් තොරව ගත් තීරණයක් බව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයෙකු ලෙස මා දකිමි.

එමෙන්ම අප රටට මුහුණු පොත facebook ආයතනයේ නිලධාරීන් කිහිපවිටක් පැමිණ තිබිණ. එහිදී ඔවුන්ගෙන් නිවැරදි දැනුම උකහා ගැනීමට රාජ්‍ය ආයතන අපොහොසත්වීම කණගාටුවට කරුණකි.

එමෙන්ම මෙම ක්‍රියාව තම විජයග්‍රහණයක් ලෙස දකින පිරිස හුදෙක් ගෝත්‍රික තාවකාලික වින්දනයක් ලෙස පෙන්වන්නට උත්සාහ කළත් මෙහි ප්‍රතිවිපාක විදින්නට වෙන්නේ ජාතියක් වශයෙන් අප හැමටය.

එමෙන්ම තවත් නූගත් තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවන් පිරිසක් මෙම තීරණය ගැන උදම් අනමින් සිටී.

ඔවුන් බහුතරය තම ආයතනය විශාලවූවත් මුහුණු පොත ගැන කිසිදු දැනුමක් නැති බව මා වෘත්තීමය අත්දැකීමෙන් දනිමි. ඔවුන්ට ඇත්තේ දේශපාලන අධිකාරිය සතුටු කර තමන්ට අවැසි දේ සිදුකරගෙන තම ආදායම ඉහළ දමාගැනීමේ අරමුණ මිස වෙන කුමක්ද?

දැනුම ඇති වෘත්තිකයන්ට වගකීම පවරන්න :

වසර ගණනක් නිදා සිට ජාතික මුදලින් වැටුප් ගෙන ප්‍රශ්ණ උඩුදුවන්නට ඉඩදී ඔහේ බලා සිට මෙවැනි තීන්දු තීරණ ගන්නන්ගෙන් රට ඉල්ලා සිටින්නේ කරුණාකර දැනුම ඇති වෘත්තිකයන්ට මෙය භාරදී තමන්ට හැකි රැකියාවක් කරගන්නා ලෙසය.

අප රට තුළ තොරතුරු හා ඉලෙක්ට්‍රෝනික සංවේදන ආරක්ෂක විධිවිධාන ගැන දන්නා ඉංජිනේරුවන්, තාක්ෂණවේදීන් ඕනෑතරම් සිටිති. නැත්තේ ඔවුනට තම දක්ෂතාවය පෙන්වීමට අවස්ථාවකි.‍

හැකිඉක්මණින් මෙම තහනම ඉවත් කොට තොරතුරු තාක්ෂණය දන්නා අයට තම දැනුමෙන් රට ඉදිරියට ගෙනයාමට උදව්වෙන ලෙස රජයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම බලධාරීන් පැවසුවද මෙවැනි තීන්දු තීරණ නොගෙන සිටීම නායකයන් සිටින රටකට හොඳය.

මෙවැනී දේ පාලනය කිරීමට ඕනෑතරම් ක්‍රම ඇත:

මහජනයා අපහසුතාවයට පත් නොකොට මෙවැනී දේ පාලනය කිරීමට ඕනෑතරම් ක්‍රම ඇත.

නොඑසේ නම් අපේ මේ සුන්දර මාතෘ භූමිය තාක්ෂණය නොදත් නූගතුන් සිටින රටක් බවට ලෝකය ඉදිරියේ අසරණ වනවා මෙන්ම රජයටත් තරුණ ප්‍රජාවගේ අවමානයට ලක්වීම වැලැක්විය නොහැකිවේවි.

මේ ඔබේත් මගෙත් රට මේ රට සුන්දර රටක් කරගැනීමේ වගකීම අප හැමෝම සතුය. ඒ වෙනුවෙන් අපි සැවොම කැපවෙමු.

– පුලස්ති වන්නිආරච්චි

(ජ්‍යෙෂ්ඨ අන්තර්ජාල ප්‍රශස්තිකරණ ඉංජිනේරු හා ඩිජිටල් අලෙවිකරණ උපදේශක)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න