'මදිනා' හෝටලය ගිනි තැබීම: නොදරුවන්ගේ ක්‍රියාවක්

'මදිනා' හෝටලය ගිනි තැබීම: නොදරුවන්ගේ ක්‍රියාවක්

ආණමඩුව 'මදිනා' හෝටලය ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.

සැකකරුවන් අතර වයස අවුරුදු 17 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණයන් ද සිටින බව පොලිසිය කියා සිටී.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසන පරිදි පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු, හිටපු හමුදා නිලධාරියෙකුගේ පුතෙකු සහ තවත් රාජ්‍ය සේවකයන් දෙදෙනෙකුගේ පුතුන් ද සැකකරුවන් අතර වෙති.

සඳුදා (මාර්තු 12) දහවල් ආණමඩුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හෝටලයට ගිනි තැබීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ද සම්බන්ධ බවට චෝදනා කළේය.

පොලිස් දෙපාර්තුමේන්තුවට ප්‍රශංසා :

Captureආනමදසඑම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න, ගිනි තැබීමේ සිදුවීම හැඳින්වූයේ දේශපාලන භේදයකින් තොරව නොදරුවන් පිරිසක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් ලෙසය.

මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ දේශපාලන ප්‍රශ්න මුල් කර ගැනීම නොව රටේ මතුව ඇති තත්ත්වය අවබෝධ කර ගනිමින් කටයුතු කිරීම බව ද හිටපු අමාත්‍ය පියංකර ජයරත්න වැඩිදුරටත් පැවසිය .

පැය 24 ගත වීමට පෙර තත්ත්වය සමනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවීම පිළිබඳ පොලිස් දෙපාර්තුමේන්තුවට ප්‍රශංසා කරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මීට වසර කීපයකට පෙර රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ කාර්යාලයේ සේවය කරන ලද පුද්ගලයෙකු ද සිටී.

ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අදාළ සේවකයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මිට වසර කීපයකට පෙර ඔහු රැකියාවෙන් ඉවත් කළ බවය.

ආණමඩුවේ තත්ත්වය සාමකාමීයි :

Anamaduwa 1000pxමේ වනවිට ආණමඩුව නගරයේ සාමකාමී වාතාවරණයක් පවතින අතර මදීනා හෝටලය පාරිභෝගිකයන් සඳහා විවෘතව පවතී.

අන්තවාදීන් කීපදෙනකු විසින් ඉරිදා අළුයම (මාර්තු 11) ගිනිතබා විනාශ කරන ලද ආණමඩුව 'මදීනා' හෝටලය පැය කීපයක් ඇතුළත පිළිසකර කර එහි ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට ආනමඩුව වෙළඳ සංගමය සහ ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

අළුයම 2.15 ට පමණ යතුරු පැදි හතරකින් පැමිණි කණ්ඩායමක් විසින් එම ගිණි තැබීම සිදු කර ඇතැයි සැලකෙන අතර හෝටලයේ විශාල කොටසක් සම්පූර්ණයෙන්ම දැවී විනාශ වී තිබිණි.

නගරයේ ව්‍යාපාරික සංගමය, දේශපාලනඥයන් සහ ආගමික නායකයයෝ එදිනම හෝටල් ගොඩනැගිල්ල යතා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කළහ.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න