ජන්ද 5ක් ගන්න බැරි : සත 5කට වැඩක් නැති" එජාප ඇමති කුට්ටමක්

ජන්ද 5ක් ගන්න බැරි : සත 5කට වැඩක් නැති" එජාප ඇමති කුට්ටමක්

ප්‍රධාන අමාත්‍යංශ ලැබී තිබෙන ඩී. එම්. ස්වාමිනාදන්, මලික් සමරවික්‍රම සහ තිලක් මාරපන වැනි අමාත්‍යවරුන්ගෙන් එක්සත් ජාතික පක්ෂයට සත පහක සේවයක් නොමැති බවත් ඔවුන් පෙරමුණේ තබාගෙන තවදුරටත් ගමනක් යාමට පක්ෂයට නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක චෝදනා කරයි.

විද්‍යුත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළ අතර අදාළ අමාත්‍යවරුන්ට ප්‍රබල අමාත්‍යංශ ලැබීමට එකම සුදුසුකම වන්නේ පක්ෂ නායකයාගේ හිතවත්කම පමණක් බවද පැවසීය.

එසේම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට හැර එම එක් අයෙකුටවත් ජන්ද 5ක් ලබාගත නොහැකි බවත් පක්ෂය තුළ ප්‍රතිසංස්කරණ සිදුකරන බව පවසමින් බොරු කළාට ජනතාව හමුවට යාමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

එසේම පක්ෂය තුළ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව මතුකරන කණ්ඩායම් කිහිපයක් සිටින බවත් එයින් සමහර කණ්ඩායම් පක්ෂය අභ්‍යන්තරයේ පමණක් නොව පක්ෂ නායකත්වයද වෙනස් විය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවද අමාත්‍යවරයා එහිදී අනාවරණය කර ඇත.

කඩිනමින් මේ තත්ත්වය වෙනස් කර පක්ෂය ප්‍රතිසංවිධානයක් සිදුනොකළහොත් එම කණ්ඩායම් විවිධ පැති වලට යාමේ අවධානමක් ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න