ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට පනවා ඇති අවහිරතා සම්බන්ධයෙන් අද (12) දිනය තුළ විසඳුමක් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ වෙනුවෙන් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ විශේෂ සාකව්ජාවක්ද අද පැවැත්වීමට නියමිත බවද දැනගන්නට ඇත.
එසේම සිදුකර තිබෙන සමාජ ජාල අවහිර කිරීම කඩිනමින් ඉවත්කර එම ප්‍රශ්නය විසඳන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම රාජ්‍ය අංශයේ නිලධාරීන්ද ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වන අතර තානාපති මට්ටමින්ද ඒ සම්බන්ධව ආණ්ඩුවට දැනුම්දීම් සිදුකර ඇති බව වාර්තා වෙයි.
ෆේස්බුක් සමාගමේ ලොක්කන් ලංකාවට
මේ අතර ෆේස්බුක් ජාලය සම්බන්ධයෙන් ලංකාවේ රජය සිදුකල දැනුම්දීමකට අනුව ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු ඉදිරි පැය කිහිපය ඇතුලත මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
එහිදී ජාතිවාදී, ආගම්වාදී, වෛරය පතුරුමින් පල කර ඇති සියළු සටහන් ඉවත් කිරීම සදහා ෆේස්බුක් සමාගම ලංකා රජයට සහාය දෙනු ඇති බවත් සෙසු දියුණු රටවල් සදහා ලබා දී ඇති පහසුකම් කිහිපයක් ලංකාවට විශේෂ වන පරිදි ලබාදී සිදුකර ඇති අවහිරතා ඉවත් කිරීමට ඔවුන් සහය දෙනු ඇති බවද වාර්තා වෙයි.

