එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ ගිවිසුමකට තමන් අත්සන් නොතබන බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න සඳහන් කරයි.
මාධ්‍ය සහ තම පාක්ෂිකයින් දැනුවත් කිරීමේ හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර එහිදී "මේ සෙනෙවිරත්න නැවතත් ඔය ගිවිසුමකට අත්සන් තබන්නේ නෑ. එනිසා අපි තවත් ගිවිසුම් වලට යන්නේ නෑ" යනුවෙන් අවධාරණය කර ඇති අමාත්‍යවරයා දැන් කළයුතුව ඇත්තේ ජාතික ආණ්ඩුවට යාම නිසා මතුව ඇති ගැටළු රැසෙන් ගොඩ එන්නේ කොහොමද යන්න බවද පවසා ඇති බව වාර්තා වෙයි.
එසේම ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරය ඉදිරි මාස දෙක තුල ප‍්‍රකාශයට පත් කරන බවත් රටා ගැන සිතා තීන්දුවක් ගැනීමට සිදුව ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එසේම මේ සම්බන්ධව පක්ෂය තුළ තවමත් ස්ථීර තීරණයක් නොමැති බවත් මාස දෙකක් තුළ ප්‍රශ්නය විසඳුනේ නැත්නම් විකල්ප වැඩපිලිවෙලකට යා යුතු බවද අමාත්‍යවරයා පවසා ඇති බවද වාර්තා වෙයි.

