පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළොත් ආණ්ඩුව පෙරළනවා - අතුරලියේ රතන හිමි

පොහොර ප්‍රතිපත්තිය වෙනස් කළොත් ආණ්ඩුව පෙරළනවා - අතුරලියේ රතන හිමි

පොහොර සහනාධාරය පෙර පැවති ක‍්‍රමයටම ගොවීන්ට දීම සදහා රජය ගෙන ඇති තීරණය සම්බන්ධව අතිශය කණගාටු වන බවත් නැවත විෂරසායන පොහොර බෙදාදීමට කටයුතු කළහොත් ආණ්ඩුව පෙරලා දැමීමටවුවද පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සඳහන් කරයි.

බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමින් මන්ත්‍රී හිමියන් මේ බව පැවසු අතර කාබනික පොහොර වෙනුවට මුදල් දීම සදහා ආණ්ඩුව මෙතෙක් ක්‍රියාත්මක කළ වැඩසටහන නැවතත් වෙනස් කිරීමට උත්සාහයක් ඇති බවද එහිදී පවසා ඇත.

පොහොර සහනාධාරය ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමත් සමඟ ඒ සම්බන්ධව ගොවි ජනතාව ඇතුළු සංවිධාන රැසක් ආණ්ඩුව බරපතල ලෙස විවේචනය කොට තිබිණ. ඇතැම් විශ්ලේෂකයින් සන්දහාන් කර සිටියේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සඳහාද මෙය බලපෑ බවය.

ඒ අනුව පොහොර සහනාධාරය පෙර පරිදිම ‍පොහොර වශයෙන්ම යළි ගොවීන් වෙත ලබාදීමට රජය තීරණය කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ යෝජනාවක් අනුව රජය මෙම තීරණයට එළැඹ ඇත.

වාර්තා වන ආකාරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය යටතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ‍පොහොර සහනාධාරය ‍පොහොර වශයෙන් ලබාදීම පෙර පරිදිම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න