අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු පොලිසිය විසින් බලහත්කාරයෙනු නිරෝධායනයට යැවූ බවට චෝදනා එල්ලවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර ඇති බව වාර්තා වෙයි. මේ වන විට ඒ ආකාරයටම අධිකරණයෙන් ඇප ලබා සිටියදී නිරෝධායනයට යැවුණු ගුරු වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් ඇතුළු පිරිසද මුදා හැර ඇත.
පොලිසිය සිදුකල මේ ක්‍රියාව සම්බන්ධව ජාත්‍යන්තරයේ පවා අවධානය යොමුවූ අතර ලෝක වෘත්තීය සමිති සම්මේලනයද මෙකී ක්‍රියාවට විරෝධය දක්වමින් බලහත්කාරී ලෙස නිරෝධායනයට යොමුකළ පිරිස නිදහස් කරන ලෙස නිවේදනයක් නිකුත්කර තිබිණ.
තවද මෙරට වෘත්තීය සමිති එකාබද්ධව මෙකී මර්දන උත්සාහය පරාජය කරවීමට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමටද සූදානමක් පැවතිණ.
එසේම ආණ්ඩුවේ පවා ඇතැම් මැති ඇමතිවරුන් මෙය හඳුන්වාදී තිබුණේ 'පොලිසිය ලකුණු දමා ගැනීමට" කල දෙයක් ලෙසය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
