ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක

ඉන්දීය සංචාරයෙන් පසු ජනාධිපතිවරයා ජපානයේ සංචාරයක

දෙදින ඉන්දීය නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපතිතුමා ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර දීර්ඝකාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් රාජ්‍ය සංචාරයක් සදහා අද (12) ජපානය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරන අතර ජපානය වෙත ළඟාවූ ජනාධිපතිවරයා ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එරට රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් පිළිගනු ලැබූ බවද එම නිවේදනයේ දැක්වේ.

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා සහ මිචිකෝ රැජිණ හමුවීමට නියමිත අතර, ජනාධිපතිවරයාව නිල වශයෙන් පිළිගැනීමේ උත්සවය 14 වනදා අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

එසේම මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙන බවත් එහිදී දෙරට අතර ආර්ථික, වෙළඳ සහ සංස්කෘතික සබදතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති බවද සඳහන්ය.

එමෙන්ම විශේෂ ව්‍යාපාරික හා ආයෝජන සමුළුවකටද ජනාධිපතිතුමා එක්වීමට නියමිත අතර ජයිකා ආයතනයේ සභාපතිවරයා මෙන්ම ජපාන වාණිජ්‍ය මණ්ඩලය සහ ජපාන විදේශ වෙළඳ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද නිවේදනයේ දැක්වේ.

එසේම ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

"සිය ජපාන සංචාරය තුළදී ජපානයේ පිහිටි ශි‍්‍ර ලංකා බෞද්ධ සිද්ධස්ථානයන්හි ප‍්‍රධාන සංඝනායක හිමිවරුන් බැහැදැකීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරන අතර, එරට නවීන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට ද නියමිතව තිබේ.

විදේශ අමාත්‍ය තිලක් මාරපන, නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න