Language Switcher

V2025

අධිවේගී මහා මංකොල්ලයක සුලමුල : චම්පික හෙළිකරයි !

කාගේත් කතා බහට ලක්ව ඇති මහ බැංකු වංචාව ජනතාවට පෙන්වමින් පවතින රාජපක්ෂ රජය එම මහ බැංකු වංචාවටත් වඩා "විසි ගුණයක" අධිවේගී මහා මංකොල්ලයකට කෙටුම්පත් සකසා ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විශේෂ හෙළිදරව්වක් කරමින් ප්‍රකාශ කරයි.

එහිදී රාජපක්ෂවරුන් 2005 පටන්ගත් නාඩගම යලි අරඹා ඇති බවත් ජපන් රජය මගින් සහන ණය ක්‍රමයට ලබාදුන් LRT ව්‍යාපෘතිය නවතා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකිරිම තුලින් අධිවේගී මහා මංකොල්ලයට අත ගසා ඇති බව ඔහු පවසයි.

එහිදී යහපාලන රජය සමයේ වසර තුනක සාකච්ජා වල ප්‍රතිඵලයක් ලෙස ජපන් ආධාර යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ලැබුණ බවත් තවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති තුනක් සදහා ශක්‍යතා අද්‍යනයක් සිදුකොට තිබු බවත් එම වකවානුව තුල නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කල චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නමුදු විදේශීය ජාවාරම් කාරයන්ට කත් අදින දේශීය ජාවාරම්කාර පවුලක් නව රජයක් ලෙස පත්වීමත් සමඟ ඩොලර් බිලියන ගණන් තම සාක්කුව පුරවා ගෙන අහිංසක ජනතාව ණයකාරයන් බවට පත් කරමින් සිටීම නොවැලැක්විය හැකි බව ඒ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා දුෂිත රාජ්‍ය නිලධාරියෙකු ලෙස නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත බන්දු වික්‍රම "මෙම ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අධික වියදමක් යන බවත්" ජනාධිපති ලේකම් පි.බි.ජයසුන්දර "මෙම ව්‍යාපෘතියෙන් ලංකික ජනතාව තවත් ණයකාරයන් වන බවත්" පවසා ජනතාවට බොරු බිල්ලෙකු මවා පාමින් කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් සකසමින් තම හිත මිතුරු ජාවාරම්කාර පවුලට මහා මංකොල්ලයකට ඉඩහසර ලබාදුන් බව හෙළි කරයි.

සැහැල්ලු දුම්රිය නවතා ඇරඹි මහා මංකොල්ලය !

තවද යහපාලන රජය සමයේ ජපන් රජයේ ආධාර ඇතිව ඉදිවීමට තිබු මෙම LRT ව්‍යාපෘතිය සඳහා වැයකිරීමට තිබු මුළු වියදම ඩොලර් මිලියන 1374ක් උවද මෙම ජාවාරම්කාර පන්තිය විසින් එය නවතා දමා ඩොලර් මිලියන 1620ක් වියදම් කරමින් මෙම නව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකරමින් මහා මංකොල්ලයක් සිදුකොට තිබේ.

ඉදිවීමට පැවති LRT ව්‍යාපෘතිය නිකන්ම ගුවනින් යන දුම්රියක් පණක් නොව එම ඩොලර් මිලියන 1374ක් යටතේ මේ සඳහා අවශ්‍ය දුම්රිය කට්ටල,ඒවා ගාල් කිරීම සඳහා අවශ්‍ය ස්ථාන,අලුත්වැඩියා කටයුතු සඳහා කර්මාන්ත ශාලා සහ ස්ථාන 17ක් නියෝජනය වෙමින් ඉදිවන නැවතුම්පොළවල් වලින්ද සමන්විත වූ බව චම්පික රණවක මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

තවද මෙම ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යනයට උපදේශකවරුන්ගේ හා ඉංජිනේරුවරුන්ගේ උපදෙස් ගැනීම් ඉඩම් අත්පත් කරගැනීම වැනි අතිරේක වියදම් වශයෙන් ඩොලර් මිලියන 848ක් වෙනකොට තිබු බවත් එත් සමඟ වූ සමස්ත වියදම ඩොලර් මිලියන 2222ක් උවද ඉංජිනේරුවරුන්ගේ හා උපදේශකවරුන්ගේ අධ්‍යනයෙන් අනතුරුව මෙම මුදල 15%කින් අඩු කොට ඩොලර් මිලියන 1900කට අඩු කර ගත හැකිවූ බවත් වැට් බද්ද අඩුවීමෙන් එම මුදල තවත් අඩුවීමට තිබු බවත් ඒ මහතා පවසයි.

ඩොලර් මිලියන 475න් කරන්න තිබුණ වැඩක් !

නමුදු මෙම ව්‍යාපෘතිය නවතාලමින් ඔරුගොඩවත්තේ සිට අතුරුගිරියට කිලෝමීටර් 19ක දුරකින් ඉදිකිරීමට කැබිනට් අනුමැතියද හිමිවීමට පවතින කණුමතින් මතින් දිවෙන අධිවේගී මාර්ගය කිලෝමීටරයක් ඩොලර් මිලියන 25ට ඉදිකරමින් සමස්ත ව්‍යාපෘතිය ඩොලර් මිලියන 475ක මුදලකින් අවසන් කිරීමට හැකියාව තිබියදී මෙම ජාවාරම්කාර පැලැන්තිය එය ඩොලර් මිලියන 1620කට ඉදිකිරීමට සැලසුම් කොට ඇති බව චම්පික රණවක මන්ත්‍රීවරයා හෙළිකරයි.

එමෙන්ම ජපන් රජයේ ආධාර හා ජපන් දැනුම භාවිතා කරමින් ඉදිවීමට තිබු LRT ව්‍යාපෘතිය සඳහා වසර 15ක් යනතුරු කිසිදු මුදලක් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එම වසර 15ක කාලය තුල උපයන සියලු මුදල් ශ්‍රී ලංකා රජය සතුවන බවත් වසර 15කින් පසුව ගෙවා දමන ණය සදහාද 0.1% පොලියක් ගෙවීමට එකඟව සිටි බවත් ඔහු පවසයි.

පවතින ඩොලර් හිඟයට මේ මොහොතේ මහඟු පිටුබලයක් වීමට තිබු ව්‍යාපෘතිය නවතා දමා වසර 15ක් තුල එක් වසරකට ඩොලර් මිලියන 108ක් 23%ක පොලියක් යටතේ ගෙවීමට සිදුවන ණයක් ලබා ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාගයේ දැක්ම මල්ඵල ගන්නවමින් ජනතාව ණයකරුවන් කොට මහා අධිවේගී මංකොල්ලයක් සිදුකර ඇති බව අමාත්‍යවරයා හෙළිකරයි.

එමෙන්ම මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක තවත් අනාවරණයක් කරමින් පවසා සිටියේ මෙම ඉදිකිරීමට සැලසුම් කර ඇති කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයේ නිසි පරිසර අද්‍යනයක් සිදුකොට නොමැති බවත් එහි අතුරුගිරියේ සිට රාජගිරිය දක්වා කොටස දිවෙන තලංගම තෙත්බිම් වල පරිසර අධ්‍යනයක් නොකොට එම තෙත්බිම ගැසට් කොට ඇති ගැසට් පත්‍රය අහෝසි කිරීමේ සැලසුමක රජය සිටින බවත්ය.

ඩොලර් මිලියන 150 ට ආසන්න වැඩේ ඩොලර් මිලියන 456 ට ?

තවද මෙම මාර්ග ව්‍යාපෘතිය සිදුකිරීමට ලබාදී ඇති විදේශීය කොන්ත්‍රාත් සමාගමට චෛත්‍ය පාරේ සිට කොල්ලු පිටියට ගෝල්පේස් එක යටින් ඉදිකිරීමට සැලසුම් කොට තිබු මාර්ගයද ලබාදීමට සැරසෙන බවත් එය ඩොලර් මිලියන 456ක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දී ඇති බවත් අමාත්‍යවරයා හෙළි කරයි.

නමුදු එම මාර්ගය යහපාලන රජය සමයේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු එකක් බවත් එය ඩොලර් මිලියන 150ට ආසන්න ගණනකට ඉදිකිරීමට සැලසුම් කොට තිබු බවත් චම්පික රණවක මහතා අනාවරණය කරයි.

විදෙස් සමාගමට ඩොලර් මිලියන 1500 කට අධික ලාභයක් !

මෙහිදී මෙම ජාවාරම්කාර පවුල අදාල විදේශීය සමාගමට මෙම මාර්ග දෙකම ලබාදීමෙන් ඔවුන්ට ශුද්ධ ලාබය ලෙස ඩොලර් මිලියන 1500කට අධික මුදලක් හිමිකර දී ඇති බව හෙළිවේ.

මෙම අනාවරණය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසා සිටියේ නිවැරදි දුරදර්ශි ඉංජිනේරුවරුන් මෙම මහා මංකොල්ලයට එරෙහිව නැගී සිටිය යතු බවත් තමන් ණයකාරයන් කරන මෙම ජාවාරම්කාර පවුලට එරෙහිව ජනතාවද නැගී සිටිය යුතු බවයි.