Language Switcher

Ad

Ad 01

V2025

කොවැක්ස් පහසුකමෙන් : මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් ලංකාවට !

මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් කොවැක්ස් පහසුකම යටතේ අමෙරිකාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එන බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටින්නේ ලබන සිකුරාදා (16) දින මෙම කටයුත්ත සිදුවන බවයි.

ඒ අනුව මෙම මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15න් 750,000කට පළමු මාත්‍රාව ලෙසත් මසකට පසු ඉතිරි මාත්‍රා 750,000 දෙවන මාත්‍රාව ලෙසත් ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියි.