ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙමින් ආනමඩුවේ පිහිටි මදීනා හෝටලයට පහරදීමට කලහකාරීන් පිරිසක් කටයුතු කළ නමුත් ප්‍රහාරයෙන් පැය 12ක් ඉක්මයන්නට පෙර එය යථාතත්වයට පත්කරන්නට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර සහ සන්ධානය නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකර ඇති අතර ඊට ප්‍රදේශයේ බෞද්ධ හා අනෙකුත් ආගමික නායකත්වයේ සහ පොලිසියේද මනා සහයක් ලැබී ඇතැයිද වාර්තා වෙයි.
කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.
එසේම මෙම වෙළදසැල ගිනිතබන්නට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනතර පාසැල් සිසුන් වන බවද වාර්තා වෙයි.

