ෆේස්බුක් ඇතුළු සමාජ ජාල සම්බන්ධව ආණ්ඩුවේ මත දෙකක් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ෆේස්බුක් ඇතුළු සමාජ ජාල අවහිර කිරීමට සහ කිසියම් පාලනයක් ඇතුව සමාජ ජාල පවත්වාගෙන යායුතු බවට ආණ්ඩුව තුළ අදහස් දෙකක් ඇති බවය.
චීනයේ අත්දැකීම ලංකාවට වැදගත් - අමාත්‍ය අමරවීර
කෙසේ නමුත් වර්තමානයේදී ලොව දියුණු රටවල් ෆේස්බුක් භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් හොදම උදාහරණය චීනය බවත් ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
එසේම ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තනමකට වඩා කිසියම් පාලනයක් අවශ්‍යය යන අදහස මතුව ඇති බවත් ඒ පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.
වාරණයට ප්‍රතිපත්තියක් ලෙස විරුද්ධයි - ඇමති මංගල
මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කර සිටින්නේ සමාජ ජාල මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධව තමා ප්‍රතිපත්තිමය වශයෙන් කිසිඳු එකඟතාවක් නොදක්වන බවය. එහෙත් තීරණාත්මක අවස්ථා වලදී තාවකාලික පියවරක් වශයෙන් පාලනයක් සිදුකිරීම වැදගත් බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියි.
වෙබ් අඩවි සඳහා නියාමනයක් අවශ්‍යයි - අමාත්‍ය වජිර
සමාජ ජාල මෙන්ම වෙබ් අඩවි සඳහාද නියාමනයක් අවශ්‍ය බවත් විශේෂයෙන් පුවත් වෙබ් අඩවි සම්බන්ධව දියුණු රටවල ක්‍රියාත්මක වන මාධ්‍ය ආචාර ධර්ම සහ වගවීම ඊට හඳුන්වාදීමසිදුකල යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටියි.
එය කිසිසේත් වාරණයක් නොවන බවත් කිසියම් පුවතක් පළකිරීමට අදාළව වගකීමක් ගැනීම හරහා විශ්වසනීයත්වය තහවුරු කිරීමක් එයින් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ගිණුම් 186 ගැන විශේෂ විමර්ශන
සමාජ ජාල යොදාගෙන ජාතිවාදය සහ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ ගිණුම් 186ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව පවසයි.
එහි සයිබර් අපරාධ පිළිබඳ ඒකකය සඳහන් කර සිටින්නේ පසුගිය දිනවල රටතුළ නිර්මාණය වූ කලහාකාරී තත්ත්වයට සෘජුව සම්බන්ධ සැකකරුවන් රැසක් සමාජ ජාල මාධ්‍ය භාවිත කර අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවත් එවැනි ක්‍රියාවලට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලීසිය විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවය.
Facebook සමාගම සමඟ සාකච්ඡා : චීනය සහ ජර්මනිය ලංකාවේ සහයට
එසේම Facebook සම්බන්ධයෙන් විශේෂ අභ්‍යන්තර පරීක්ෂණ තව දුරටත් සිදුකරමින් ඇති බවත් ඒ සම්බන්ධව Facebook සමාගම සමග ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වන අතර මෙරට නීතිය අනුව Facebook භාවිත කිරිමේ ක්‍රමවේද සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කිරිමට නියමිත බවද වාර්තා වෙයි.
තවද යළිත් මෙවැනි තත්ත්වයක් ඇති නොවීම සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබාගෙන සමාජ ජාල මාධ්‍ය නිසි ආකාරයෙන් භාවිතයට ගැනීමට ක්‍රමවේද සම්බන්ධව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති අතර ඒ සඳහා සහාය වීමට මේ වන විට ත් චීන සහ ජර්මන් රජයන් සිය කැමැත්ත පළ කර ඇති බවද වාර්තා වෙයි.

