විමලේ ගේ සහ උදයගේ තවත් කෑලි ගැලවෙයි !

විමලේ ගේ සහ උදයගේ තවත් කෑලි ගැලවෙයි !

කැබිනට් අමාත්‍යවරුන් වන කර්මාන්ත ඇමති වීරවංස සහ බලශක්ති ඇමති ගම්මන්පිලගේ අමාත්‍යාංශවල විෂය පථයන්හි නව වෙනස්කම් සිදුකිරීමට නියමිත බව සති අන්ත දිවයින පුවත්පත වාර්තා කරයි.

එලෙස ඉවත් කරනු ලබන විෂය පථයන්ට නව අමාත්‍යංශ ඇති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසකට තවත් ඇමතිධූර කිහිපයක් ලබා දීම සඳහා යොදාගනු ඇතැයි ද එම පුවත්පත වැඩිදුරටත් පවසයි.

බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ලෙස පත්වීමත් සමඟ ආණ්ඩුවේ ඉදිරි මෙහෙයුම් කටයුතු සියල්ල ඔහු හරහා සිදු කිරීම වෙනුවෙන් ඉදිරියේදී කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිත බව පැවසේ. ඒ අනුව එම කැබිනට් සංශෝධනයේදී සෞඛ්‍ය, පොලීසිය, කම්කරු හා අධ්‍යාපන අමාත්‍යාංශවල සංශෝධනයක් සිදු වනු ඇති බව වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න