මහින්ද තවමත් පරණ මහින්දමයි : හැදිලත් නෑ හැදෙන පාටකුත් නෑ : විමල්ගේ මාධ්‍ය හෙළිකරයි

මහින්ද තවමත් පරණ මහින්දමයි : හැදිලත් නෑ හැදෙන පාටකුත් නෑ : විමල්ගේ මාධ්‍ය හෙළිකරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ තවමත් 2015 බලපෙරළිය හමුවේ පැවති දුර්වලතා එලෙසින්ම සහිතව කටයුතු කරමින් සිටින බවත් ඒ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජාන පෙරමුණ තුළ බරපතල සංවාදයක් සිදුවෙමින් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට "කේන්දර සුමනේගේ උපදෙසින් ‘දෙවැනි සචින් වාස්’ මහින්දට ලංවේ.. මහින්ද ඇනගනීද.." මැයෙන් පුවතක් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මෙහෙයවීම යටතේ සිදුවන වෙබ් අඩවි විසින් පළකරන්නට හේතුවී ඇත්තේද ඒ අනූවය.

සජින්ද වාස් ගුණවර්ධන හිටපු ජනාධිපතිවරයාව සිය අවශ්‍යතා මෙහෙයවුයේ කෙසේද යන්න අමුතුවෙන් මතක් කළයුතු කරුණක් නොවන අතර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සජින්ද වාස් ව මුණගැසීමට ඒම පවා ඒ සමයේ ශිරන්ති රාජපක්ෂගේ උදහසට හේතුවූ බව සිහිකිරීම ඒ වෙනුවෙන් ප්‍රමාණවත්ය.

වාර්තා වන ආකාරයට පළාත් පාලන මැතිවරණයේ ප්‍රථිපල නිකුත්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා නැවතත් සිය අත්තනෝමතික හැසිරීම දක්වමින් සිටින අතර ‘දෙවැනි සචින් වාස්’ විසින් මේ මොහොත වන විටත් මහින්දව හැසිරවීමට හැකිව ඇත.

විශ්වාසවන්ත ආරංචිමාර්ග පෙන්වා දෙන ආකාරයට මේ වන විට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිඳු දේශපාලන පක්ෂයට "දෙවැනි සජින්" ගේ බලපෑමෙන් මිදී කටයුතු කරන්නට නොහැකිව ඇත.

වාර්තා වන ආකාරයට හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට එන බොහෝ වැදගත් පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය ජනතාවටද අදාල පුද්ගලයාගේ රැවුම් ගෙරවුම් උවමනා ප්‍රමාණයට වඩා අසන්නට සිදුව ඇති බවටද චෝදනා ඇති බවට පුවත නිර්මාණය කර ඇත්තේ ඒ අනුව වන අතර ඊට ජෝතීර්වෙදී සුමනදාස අබේගුණවර්ධනගේ නමද එකතුකර පුවත නිර්මාණය කර ප්‍රසිද්ධ කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ චරිතයට සිදුවිය හැකි හානිය අවමකර දැක්වීම වෙනුවෙන් ය.

එසේම "මෙම පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියෙකු හෝ රියදුරයෙකු නොවෙයි" යනුවෙන් එම පුවතේ සඳහන් කර ඇත්තේ රාජපක්ෂවරුන්ට මේ සමබන්ධව දිගින් දිගටම දැනුවත් කළත් ප්‍රතිඵලයක් නොවූ නිසා බවත් අදාළ කාරණය සම්බන්ධව මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන, උදය ප්‍රභාත් ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් රැසක් දැඩි කළකිරීමෙන් පසුවන බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න