පළාත් පාලන ආයතනය 15කට 25% අවම කාන්තා නියෝජනය නැ !

පළාත් පාලන ආයතනය 15කට 25% අවම කාන්තා නියෝජනය නැ !

කාන්තා නියෝජනයේ 25% නොමැතිව පළාත් ආයතන 15 ක් ගැසට් කොට ඇත.

ඒවා කොටගල, පේදුරුතුඩුව, මන්නාරම, මුසලි, වෙරුගල්, ත්‍රිකුණාමල නගරය සහ කඩවත්, තඹලගමුව, මුත්තූර්, වනාතවිල්ලුව, කරෙයිතිව්, පදියතලාව, තිරුක්කෝවිල්, මන්මුනෙයි යන ප්‍රාදේශීය සභා 13 සහ, ත්‍රිකුණාමලය හා කින්නියා නගර සභා 2 යි.

පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සමස්ථ ලංකාවේ 29%ක කාන්තා නියෝජනයක් ස්ථාපනය කිරීමට හැකිවී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍ර‍කාශ කර ඇති නිකුත් කළ පළාත් පාලන සභික ලැයිස්තු අනුව තේරී පත් වී ඇති සභිකාවියන් සංඛ්‍යාව 2526 කි.

1% ක අවම අගයක පැවති පලාත් පාලන ආයතනයන් හි කාන්තා නියෝජනය 29% ක් දක්වා වැඩිවීම ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

අපේක්ෂිකාවන් 17,128 ක්:

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් අපේක්ෂිකාවන් 17,128 ක් ඉදිරිපත් කරනු ලැබීය.

එයින් කාන්තාවන් 535 දෙනෙකු කෝට්ඨාශ ජයග්‍ර‍හනය කර පළාත් පාලන ආයතන සභිකාවියන් බවට පත් ව ඇත.

දේශපාලන පක්ෂ විසින් අතිරේක ලැයිස්තු මගින් කාන්තාවන් 1991 දෙනෙකු නම් කර ඇත.

ඒ අනුව, මෙවර පළාත් පාලන ආයතනයන් 340 සදහා විධිමත් අයුරින් තේරී පත් වී ඇති සභිකාවියන් සංඛ්‍යාව 2526 කි. එයින් වැඩිම පිරිසක් නම් කිරීමට සිදුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය.

කැෆේ සංවිධානයේ ප්‍රසාදය :

අවම කාන්තා නියෝජනයක් තහවුරු කිරීම සදහා වසර 6 ක් පුරා අඛණ්ඩව පෙනී සිටි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතන 340 න් ආයතන 325 කම 25% ක නියෝජනය ස්ථාපනය වීම පිළිබද සිය ප්‍ර‍සාදය පළ කරයි.

කැෆේ සංවිධානය සමග එක් වී කාන්තා නියෝජනය ස්ථාපනය කිරීම සදහා 2012 වසරේ ප්‍ර‍චාරක ව්‍යාපාරයට මුලිකත්වය ගනු ලැබූ ඉන්ද්‍රානී කුසුමලතා මහත්මිය පුත්තලම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් විය.

නමුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අතිරේක ලැයිස්තුවේ සභික ධූර හිමි නොවීම හේතුවෙන් ඇයට මන්ත්‍රී ධූරයක් හිමි නොවීය.

මහජන නියෝජිතයින් 8721 ක් :

ඡන්ද විමසීමට අනුව ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරනු ලැබූ මුලු සභිකයින් 8356 ක් ද, එල්ලන ලද මන්ත්‍රී ධූර (ඕවර් හැන්ග්) 365 ක් ද, සමග ඡන්දය පැවති පළාත් පාලන ආයතන සදහා මහජන නියෝජිතයින් 8721 ක් පත් වන්නේය.

එයින් කාන්තාවන් 2526 දෙනෙකු පත්ව ඇති බැවින් 29%ක කාන්තා නියෝජනයක් පළාත් පාලන ආයතනයන් හි පවතී.

(කීර්ති තෙන්නකෝන්- විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න