ඇමරිකා එක්සත් ජනපදයද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නිදහසට විරෝධය පල කර ඇත.
ඒ බව කොළඹ සිටින එක්සත් ජනපද තානාපතිනි අලානා ටෙප්ලිට්ස් ට්විටර් මගින් නිවේදනය කර තිබුණි.
“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සිරකරුවන් කලින් නිදහස් කර යැවීම ගැන අපගේ ප්‍රසාදය හිමිවන අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2018 දී අනුමත කරන ලද දඬුවමකට යටත් කොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර යැවීම නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙලයි,” යනුවෙන් එහි සඳහන් කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
