ඉන්ධන මිල ඉහළ දැමීම නිසා සමගි ජන බලවේගය පක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද (22) භාරදී තිබේ.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදුන් අතර ඊට සජබ මන්ත්‍රීවරුන් 43ක් අත්සන් තබා ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 10 කින් යුතුය.
වඩාත් සිත්ගන්නා සුළු කරුණ වන්නේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඉල්ලා අස්වෙන්න කියමින් ගම්මන්පිල අමාත්‍යවරයා ට නැගූ චෝදනාවම මේ විශ්වාසභංග යෝජනාවේ ප්‍රධාන කරුණ කරගෙන තිබීමය.
දේශපාලන විචාරකයන් මේ විශ්වාසභංග යෝජනාව විවේචනය කරන්නේ එකිනෙකා කුලල්කා ගන්නා ආණ්ඩුවේ සමගිය ඇතිකිරීමට සමගි ජනබලවේගය ලබාදුන් අවස්ථාවක් බව පවසමින් ය.




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
