හිටපු CID අධ්‍යක්ෂ ශානිට ඇප !

හිටපු CID අධ්‍යක්ෂ ශානිට ඇප !

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් කීප දෙනෙකුට එරෙහිව ඇති නඩුවකට යොදා ගැනීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා කරමින්  බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අද (16) දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

මෙසේ ඇප මත  මුදා හරින ලෙස නියෝග  කර ඇත්තේ අභියාචනාධිකරණය විසිනි. එසේම  උප පොලිස් පරීක්ෂක සුගත් මැන්ඩිස් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණ. 

ඒ දෙදෙනා ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා ගොනු කර තිබූ ප්‍රතිශෝධන අයදුම්පත් දෙක නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රත්නප්‍රිය ගුරුසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ යළි කැඳවන ලදී. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉකුත් නඩු දිනයේදී වැලිකඩ බන්ධනාගාරයට නියම කර තිබුණි.  එහෙත් වාර්තාව ඊයේ උසාවියට ඉදිරිපත් කර තිබුණේ නැති අතර ඒ සම්බන්ධව  වැලිකඩ බන්ධනාගාර නිලධාරීන්ගෙන් කරුණු විමසා බලන ලෙස විනිසුරු මඩුල්ල රෙජිස්ට්‍රාර් වරයාට නියම කළේය.  

ශානි අබේසේකර හා සුගත් මැන්ඩිස් යන පොලිස් නිලධාරීන් දෙදෙනා මුලින්ම රිමාඩ් භාරයට පත්කළේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වන අතර ඇප ඉල්ලීම් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් සහ මහාධිකරණයෙන්ද ප්‍රතික්ෂේප විය. 

දෙදෙනාම අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පත් දෙකක් වෙනම ගොනු කළේ ඉන් අනතුරුවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇප පිට මුදා හරින්නැයි ඉල්ලා සිටියේ දැනට රෝගී තත්ත්වයෙන් පසුවන තමා ශල්‍යකර්මයකට භාජනය වීමට ඇති බව කියා සිටිමිනි.

රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී එම කටයුත්ත කිරීමට අපහසු බවද ඔහු සිය නීතිඥවරයා මගින් අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව සම්බන්ධව  යෝජනාවක් සම්මත කළ අතර එහිදි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර තිබීම ගැනත් අවධානය යොමුකර තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න