කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් මේ පත්කිරීම සිදුකර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර අමාත්‍යවරයා කියන්නේ ඒ පෞද්ගලික හෙතුවක් බවය.
එහෙත් මාධ්‍ය වාර්තා පළවී තිබුණේ පොහොර අර්බුදය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වූ බවය.
කෙසේවුවත් මේ නව පත්වීමත් සමඟ වත්මන් ආණ්ඩුව යටතේ මේ පත්වන කෘෂිකර්ම අමාත්‍යංශයේ තුන්වන ලේකම් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
