කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවෙයි.
එසේම ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවත් දැනගන්නට ඇත.වාර්තා වන ආකාරයට රටපුරා මතුව ඇති පොහොර අර්බුදය මේ ඉල්ලා අස්වීමට සිදුවීමක් වී ඇත.
මේ පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන අර්බුදය මේවනවිට බරපතල ලෙස උග්‍රවෙමින් ඇති බවත් වාර්තා වන අතර ආණ්ඩු පාර්ශවයේ සන්ධානය නියෝජනය කරන පක්ෂ ඊට විරුද්ධ බවත් වාර්තා වෙයි.
ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යංශයට පත්වූ දෙවන ලේකම්වරයා එම්.බී රෝහණ පුෂ්පකුමාර වන අතර ඊට පෙර එම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරකු වූ විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
