කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට එළඹි බවය.
ඒ අනුව අද උදෑසන සිට හෙට (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව එච්.එම්.එස්.බී මැදිවත්ත වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
