ඇමරිකාවෙන් ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක් සමග සංචාරක පාලනයක් !

ඇමරිකාවෙන් ලංකාවට PCR පරීක්ෂණ කට්ටල තොගයක් සමග  සංචාරක පාලනයක් !

මෙරට කොරෝනා මර්ධන ක්‍රියාවලියට සහය වීම සදහා අමෙරිකාව රුපියල් මිලියන 13 ක් වටිනා පී සී ආර් පරීක්ෂණ කට්ටල 4,700 ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාල නියෝජිතයින් විසින් සෞඛ්‍ය අමාතත්‍යංශයේදී එම පී සී ආර් පරීක්ෂණ කට්ටල සංඛේතාත්මකව මෙරටට බාරදී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, මහාචාර්ය  චන්න ජයසුමන සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එම අවස්ථාවට එක්ව ඇත.

මේ අතර මෙරට කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව ශ්‍රී ලංකාව සදහා  සංචාරක සීමා පනවා තිබෙන බවත් වාර්තා වෙයි.

 ඒ අනුව ශ්‍රි ලංකාවේ සංචාරය කිරීමට නියමිත අමෙරිකානුවන් සදහා ඊයේ (24)  සිට ක්‍රියාත්මක වන පරිදි උපදේශන මාලාවක් නිකුත් කිරීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර එය 04 වන මට්ටමේ සංචාරක ගමන් උපදෙස් මාලාවකි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීම සදහා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය වෙත පිවිසෙන ලෙස අමෙරිකානු බලධාරීන් එරට සංචාරකයන්ට දැනුම් දී ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න