දින 14 ක් එක දිගට වහන්න - නැත්නම් ව්‍යසනයක් : ආණ්ඩු මන්ත්‍රී වෛරසවේද මහාචාර්ය !

දින 14 ක් එක දිගට වහන්න - නැත්නම් ව්‍යසනයක් :  ආණ්ඩු මන්ත්‍රී  වෛරසවේද මහාචාර්ය !

ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බව වෛරසවේදය පිළිබඳ ප්‍රකට මහාචාර්ය හිටපු අමාත්‍ය තිස්ස විතාරණ  සඳහන් කරයි.

එසේ නොකර මේ තත්ත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකි බව පැවසූ ඔහු දින දෙක තුනකට පමණක් රට වැසීම ප්‍රතිඵලදායක නැතැයිද කියා සිටියේය.

වෛද්‍ය විශේෂඥයන් විසින් රට දින දාහතරක් වසා දැමිය යුත්තේ ඇයි ප්‍රකාශ කරන්නේ හේතු සහිතව බව ද ඔහු කියා සිටී.

රට දැනට පවතින්නේ ඉතාම දරුණු තත්වයක බවත් පැවසූ ඔහු රට ඛේදවාචකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවත් පෙන්වා දෙයි.

තත්ත්වය මෙම අවස්ථාවේ පාලනය නොකර ගතහොත් දහස් ගණන් මැරී වැටෙන තත්ත්වයක් ඇති වන බවද ඔහු අනතුරු අගවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න