මහනුවර ජාතිවාදී ප්‍රහාර මෙහෙයවූ මහසෝනා අල්ලයි : ඇප නෑ : කොළඹ ගෙනත් ප්‍රශ්න කරයි

මහනුවර ජාතිවාදී ප්‍රහාර මෙහෙයවූ මහසෝනා අල්ලයි : ඇප නෑ : කොළඹ ගෙනත් ප්‍රශ්න කරයි

තෙල්දෙණිය ඇතුළුව මහනුවර තදාසන්න ප්‍රදේශ වල ජාතිවාදී ප්‍රහාර මෙහෙයවූ බවට ප්‍රධාන සැකකරුවකු ලෙස හඳුනාගෙන සිටි අමිත් ජිවන් වීරසිංහ ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් 8 වනදා අලුයම අත්අඩංගුවට ගත්බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

අමිත් වීරසිංහ නම් මෙම සැකකරුවා සමාජ ජාලා තුළින් කලහකාරී සිදුවීම් ක්‍රමන්ත්‍රණය කරමින් සිටි බව තහවුරුව ඇති බවත් ඒ බව මේ වන විට බුද්ධි අංශ වාර්තාද තහවුරු කර ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරසිටියි.

හදිසි නීතිය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල හෙයින් මෙම පිරිසට දින 14ක් යනතුරු ඇප ලබාදීමක් සිදුනොවන බවත් බුද්ධි වාර්තා වල සඳහන් තවත් සැකකරුවන් පිරිසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.

අමිත් නමැති මේ සැකකරුවා කාලයක පටන් මෙරට ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු මහසොහොන් බලකාය නමින් සංවිධානයක්ද ගොඩනගාගෙන සිට ඇති බවටද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

එසේම අත්අඩංගුවට ගෙන සිටින අමිත් ඇතුළු පිරිස පසුගිය සමයේ ඇතිවූ ජාතිවාදී ප්‍රහාරයන් සඳහා සහභාගී වී ඇති බවත් වැඩිදුර ප්‍රශ්න කිරීම් වෙනුවෙන් මේ පිරිස කොළඹ ගෙන ඒමට කටයුතු කල බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

දැනට 71ක් අත්අඩංගුවේ

මේ අතර පසුගිය 4 වන දා සිට අද දින උදෑසන 6.00 දක්වා කාලය තුළ ගැටුම්වලට සම්බන්ධ පුද්ලයින් 71 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.‍

8 වනදා පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය 4 වන දා සිට අද උදෑසන කාලය දක්වා නිවාස හා වෙළඳසැල්වලට අලාභ සිදු කිරීමේ සිද්ධි 45 ක් වාර්තා වන අතර පුජනීය ස්ථාන 4 කට අලාභ හානි සිදු කර ඇති බවට වාර්තා වු බව ද පොලිස් අධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර පුජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඊයේ(07) සිදු වු සිදුවීමකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇත. ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2 මිය ගොස් ඇති බව ද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න