සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සම කැබිනට් ධුරයෙන් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට බලකර සිටියි.
පසුගියදා පැවැත්වූ කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා දැක්වූ අදහසක් පාදක කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය මෙම දැඩි ඉල්ලීම සිදුකරන අතර 8 වනදා පාර්ලිමේන්තුවේදීද එම ඉල්ලීම සිදුකිරීමට ඔවුන් කටයුතු කරනු ලැබීය.
ශ්‍රීලනිප සහය ඉල්ලයි
මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශවයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉලක්ක කර සිදුකල ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ජාතිවාදී ලේබලය ඇලවෙන බව සඳහන් කරමින් ඊට එරෙහිව කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප පාර්ශවයේ ප්‍රබලයකු වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
8 වනදා පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව මෙම දැනුම්දීම සිදුකර ඇති බවත් ඒ සම්බන්ධව යළිත් සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප ප්‍රබලයා එකඟවූ බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ඇමති රාජිතගේ කතාව
පසුගිය 7 වනදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රාජිත අමාත්‍යවරයා සඳහන් කර සිටියේ තෙල්දෙණියේ ඇතුළු ප්‍රදේශවල එල්ලකෙරෙමින් තිබෙන ජාතිවාදී ප්‍රහාරයන් පසුපස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, අලුත් පක්ෂයකින් මෙවර් පළාත් පාලන මැතිවරණයකින් තේරී පත්ව සිටින නියෝජිතයන් දෙදෙනෙක්, මන්ත්‍රී ලේකම්වරයෙකු, දිස්ත්‍රික් සංවිධායකයකු සිටින බව හඳුනාගෙන ඇති බවය.
එසේම අදාළ දේශපාලන පක්ෂයට සම්බන්ධ චීවරධාරීන් කිහිපදෙනෙකු සහ ආරක්ෂක අංශවල සේවය කල සහ මේ වන විටත් සේවය කරමින් සිටින කිහිපදෙනෙකුද මේ සඳහා මැදිහත්ව ඇති බවද රාජිත අමාත්‍යවරයා එහිදී පැවසීය.
ජනවාරි 08 පිරිසෙන් අඛණ්ඩ පළිගැනීමක් - එජාප
මේ පිළිබඳ නිව්ස් ටියුබ් වෙත අදහස් දක්වමින් එජාප ප්‍රකාශකයෙකු අදහස් කර සිටියේ 2015 ජනවාරි 8 ජයග්‍රහණය වෙනුවෙන් මැදිහත්වූ සියළු පාර්ශව වෙතින් පළිගැනීමේ ව්‍යාපෘතියක් දියත්ව ඇති බවත් ඒ යටතේ රාජිත අමාත්‍යවරයාද ඉදිරි ඉලක්කයක්වීම ගැන පුදුමවීමට දෙයක් නොමැති බවය.
මේ වන විට එදා මෛත්‍රීපාල සිරිසේන නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් රාජපක්ෂ රෙජීමයෙන් එළියට බැස පැමිණි එකම අමාත්‍යවරයා වූ ශ්‍රීලනිප මහ ලේකම් දුමිද දිසානායක වෙතින්ද අඛණ්ඩ පළිගැනීමක් සිදුවෙමින් ඇති බවත් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යංශය අහිමිවුයේද එහි ප්‍රතිඵලයක් ලෙස බවද එජාප ප්‍රකාශකයා පැවසීය
කෙසේ නමුත් රාජිත අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ආණ්ඩුවට ලැබී ඇති තොරතුරු බවත් අමාත්‍යවරයාගේ එම අනාවරණය හේතුවෙන් මහනුවර සිදුවීම් පාලනය වීම ඉක්මන් වූ බවද ඔහු පැවසීය.

