මහා ව්‍යසනයක් නවත්ව ගන්න : අවම සති 2 රටම ලොක්ඩවුන් කරන්න !

මහා ව්‍යසනයක් නවත්ව ගන්න : අවම සති 2 රටම ලොක්ඩවුන් කරන්න !

දිනකට මියයන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 100 ඉක්මවිය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු  සඳහන් කරන්නේ අවම වශයෙන් එක දිගටම දින දාහතරක සංචාරක සීමා දැඩිව ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි.

කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති මේ අදහස් දැක්වූ අතර අද සිට ආරම්භ කරන සංචරණ තහනම අඟහරුවාදා (24) ඉවත් නොකරන ලෙසත් ඔහු පැවසීය.

පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්.“ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු පවසයි.

 වසංගත රෝග විද්‍යා අංශය සහ රජය, විද්වතුන්ගේ අදහස් ලබාගැනීමට ක්‍රියා නොකළහොත් පවතින තත්ත්වය තවදුරටත් භයානක විය හැකි බව විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු  සඳහන් කළේය.

එළැඹෙන භයානක තත්ත්වයන් මගහැර ගැනීමට ඇති එකම අවස්ථාව වහාම දීර්ඝ සංචරණ සීමාවන් පැනවීම බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න