සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛයට : මාධ්‍ය සංවිධාන විරෝධය !

සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛයට : මාධ්‍ය සංවිධාන විරෝධය !
සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ලේකම් මේජර් ජනරාල් මුණසිංහ  විසින් සියලු සෞඛ්‍ය  අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් බව සඳහන් කරමින් එය හෙළාදකින නිවේදනයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අද (21) නිකුත්කර ඇත.
 
අදාළ නිවේදනය නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ මෙය කොවිඩ් 19 වසංගතය බරපතල ලෙස වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මූලාශ්ර ඔස්සේ ජනතාවට තොරතුරු දැනගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා  උත්සාහයක් ලෙසය.
 
අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.
 
මෙවැනි අනතුරු ඇඟවීම් හරහා නිලධාරීන්ගේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන අතර, ජනමාධ්යයට විවිධ මූලාශ්‍ර  ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතියට ද බාධා කරයි. 
 
එමෙන්ම රාජ්‍ය  නිලධාරීන්ගේ වෘත්තීය සංගම් අයිතිවාසිකම්ලට මෙන්ම සංවිධානගත වීමේ අයිතියට ද අහිතකර බලපෑම් ඇති කරයි. 
 
අදහස් ප්රකාශ කිරීමේ අයිතිය ආයතන සංග්‍රහයේ  රෙගුලාසිවලට ඉහළින් ශ්‍රී  ලංකා ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ව්යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතියක් බවට පත්වී ඇති අතර 2016 වසරේ සිට ක්රියාත්මක තොරතුරු දැනගැනීමේ පනත හරහා තොරතුරු සඳහා ඇති ප්‍රතිපත්ති සම්බන්ධ නව දැක්මක් ඇති විය. 
 
එහෙයින් යල් පැනගිය ආයතන සංග්රහයේ ප්රතිපාදන වහා වෙනස් කළ යුතු ඒවා බවට ලඝු කළ යුතු ඒවා වන අතර ජනතාව වෙනුවෙන් තමන් සතු තොරතුරු හෙළිදරව් කරන නිලධාරීන් මර්දනයට යොදා ගත යුතු ඒවා නොවේ.
 
කොවිඩ් 19 වසංගතය පාලනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ශේත්‍රයේ   විවිධ වෘත්තීය සංගම්, කණ්ඩායම් ප්‍රධානීන් තමන් දන්නා තොරතුරු,  ගැටලු හා යෝජනා අනාවරණය කිරීම සිදු කරයි. 
 
 සෞඛ්‍ය ප්‍රතිපත්ති  නිවැරැදිව ක්‍රියාකාරී  නොවේ නම් ජනතාවට, රටට විශාල බරක් වී ඇති මෙවැනි වසංගත තත්ත්වයකදී ඒවා රටට අනාවරණය කොට  නිවැරැදි මඟට ගැනීම කළ යුතුය.
 
 රට මුහුණ දී සිටින්නේ යල් පැන ගිය විධිවිධාන බිඳ දමා, සියලු නිලධාරීන් සමාජ වගකීමක් සහිතව කටයුතු කළයුතු අවස්ථාවකටය. ලේකම්වරයා දැනුම් දී ඇති ආකාරයට  සත්ය තොරතුරු ඇත්නම් ඒවා වසං කොට මහජනයාගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමෙන් පලක් නැත.
 
 එහෙයින් මාධ්‍ය  වෙත තමන් සතු තොරතුරු ඉදිරිපත් කරන සෞඛ්‍ය  වෘත්තීය සංගම් හා වෙනත් නිලධාරීන් නිවැරැදි නොවන තොරතුරු හා දත්ත ඉදිරිපත් කරන්නේ යැයි චෝදනා කොට ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන  පෙන්වා ඔවුන් මර්දනය කිරීමට ගන්නා උත්සාහයෙන් වළකින ලෙස සෞඛ්ය ලේකම්වරයා ඇතුළු බලධාරීන් වෙත නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  අවධාරණය කර සිටී.
 
   
සීතා රංජනී      
කැඳවුම්කරු       
                                                       
ලසන්ත ද සිල්වා

ලේකම්

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න