කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10,000ක්

කොවිඩ් රෝගීන් වෙනුවෙන් දින 10න් ඇඳන් 10,000ක්

දින 10න් ඇඳන් 10,000ක් ප්‍රදානය කිරීමේ ජාතික ව්‍යාපෘතියට එක්වෙමින් ඒ වෙනුවෙන් වෙහෙසෙන තරුණ තරුණියන් ඇතුළු පිරිසට දිරි දීම සඳහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  අද (09) මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හි ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවන්ට එක්වූයේය.

තංගල්ල පල්ලිය ඉදිරිපිට තරංග අයන් වර්ක්ස් ස්ථානයෙන් අද දින නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ  මාතර දෙවිනුවර හා දික්වැල්ල ප්‍රාදේශීය බල මණ්ඩලයන්හි මෙම ව්‍යාපෘතියට අදාළව ඇඳන් සැකසෙන ආකාරය එහි දී නිරීක්ෂණය කළේය.

ඊට අමතරව, අමතර ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කර ඇති ආකාරය ද අමාත්‍යවරයා ගේ නීරීක්ෂණයට ලක්විය.

අනතුරුව මාතර ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේ දී ඇඳන් සැකසෙන ආකාරය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා වැලිගම ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ සහ දෙනිපිටිය චම්පික අයන් වර්ක්ස් හි සිට මෙම කාර්යයට දායකත්වය සපයන තරුණ පිරිස් සමඟ එක්ව සිටියේය.

දින 10න් ඇඳන් 10,000ක් සැකසෙන්නේ දැනට පවතින තත්ත්වයට මුහුණදෙමින් ආසාධිත ජනතාව වෙනුවෙන් සහනයක්වීමට බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ, මෙම කාර්යයට වඩා රජය මේ වනවිට ප්‍රමුඛත්වය දී කටයුතු කරනුයේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අවශ්‍ය ජනතාව එන්නත් කිරීමේ කාර්යයට බව පෙන්වා දුන්නේය.

කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය - (IETI) සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක ඉංජිනේරු තාක්ෂණික ආයතනයට ගිය අමාත්‍ය නාමල් රාජපක්ෂ, අවශ්‍ය මොහොතේ රට වෙනුවෙන් පෙරට පැමිණි ඔබ සියලු දෙනා ඇතුළු පිරිසට සිය හෘදයාංගම ආචාරය පුද දෙන බව කියා සිටියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න