ෆේස්බුක් ගිණුම් අත්හිටුවන්න බෑ !

ෆේස්බුක් ගිණුම් අත්හිටුවන්න බෑ !

නිසි හිමිකරුවෙක් නොමැති බවට පදනමින් ෆේස්බුක් ගිණුම් ලක්ෂ 20ක් අත්හිටුවීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව සම්බන්ධව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප්‍රතිචාර දක්වා ඇති අතර ඒ එම කටයුත්ත සිදුකිරීමට ආණ්ඩුවට බලයක් නොමැති බව අවධාරණය කරමිනි.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඒ සම්බන්ධව නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි.

මෙරට සමස්ත ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයෙන් නිසි හිමිකරුවන් නොමැති බවට තහවුරු වී ඇති ගිණුම් ලක්ෂ 20ක් පමණ අත්හිටුවීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසූ බව අද (07) මාධ්‍ය ඔස්සේ වාර්තාකොට තිබිණි.

මේ වනවිට ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 76ක් පමණ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පරිශීලකයන් ලෙස ලියාපදිංචි වී ඇති අතර එම ප්‍රමාණයෙන් ලක්ෂ 20ක් පමණ වූ පරිශීලක ගිණුම් නිසි හිමිකරුවන් නොමැති ගිණුම් යැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරන්නේ කුමන පදනමකින් දැයි අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විශ්මයට පත්වෙමු.

තවද ෆේස්බුක් ගිණුම් ඉවත් කිරීම, නියාමනය කිරීම හෝ පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිදු රජයකට හෝ වෙනත් තෙවන පාර්ශවිය කණ්ඩායමකට කිසිදු බලතලයක් නොමැති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස රජයට පෙන්වා දෙමු.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බියගැන්වීමට විවිධ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙවැනි අනුවණ ප්‍රකාශ වෙත අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පල කරමු. 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  සභාපති                                                                

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න