පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පවසයි.
මේ ගැන වැඩි දුර තීරණය අද (19) පැවැත්වෙන පක්ෂ නායක හමුවේදී ගන්නා බවද ඔහු පැවසූ නමුත් මේ වනතුරු ඒ සම්බන්ධව තොරතුරක් වාර්තා වන්නේ නැත.
නව ආණ්ඩුව බලයට පත්වූ පසු විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා කළද ඔහු එය ප්‍රතික්ෂේප කරමින් කැබිනට් අමාත්‍ය ධුරයක්ම ඉල්ලා සිටි බවද ඔහු කීය.
එම සිදුවීම මත විජයදාස රාජපක්ෂ මහතා දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.
එක්වරම මාධ්‍යට ගොස් එවන් ප‍්‍රකාශ සිදු කිරීම පක්‍ෂ සාමාජිකයෙකුට සුදුසු නැතැයිද ඔහු තව දුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
