ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රුපියල් 2,000ක වැඩිහිටි දීමනාව ලබාගැනිමට බොහෝ පිරිසක් අද (12) උදෑසන තැපැල් කාර්යාල ඉදිරිපිට රැස්ව සිටි නමුත් අද (12) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ආණ්ඩුව හදිසියේම පසුගිය 10 වනදා ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි පීඩාවකට පත්ව සිටින බව වාර්තා වේ.
විශේෂයෙන් හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බොහෝ පිරිසක් අද නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි සන්නිවේදනය නොවීම හේතුවෙන් තැපැල් කාර්යාලවලට පැමිණ ඇතත් තැපැල් කාර්යාල වසා දැමීම හේතුවෙන් ආපසු නිවෙස් වෙත යාමට සිදුව ඇත.
සෑම මසකම 10 වන දින සිට 15 වන දින දක්වා අදාළ දීමනාව තැපැල් කාර්යාලවලින් ගෙවනු ලබන බවත් එළඹෙන අලුත් අවුරුදු වෙනුවෙන් මෙම දීමනාව අද ලබාගැනීමට බොහෝ පිරිසක් සැලසුම් කරගෙන සිට ඇති නමුත් පසුගිය 10 වනදා සෙනසුරාදා හදිසියේම ආණ්ඩුව අද දින නිවාඩු දිනයක් බවට පත්කිරීම නිසා මෙම ජ්‍යෙස්ඨ පුරවැසියන්ගේ සැලසුම් ව්‍යාකූල වී තිබේ.
lankatruth
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
