කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා රු.5000/= දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂූද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හදුනාගත් පවුල් වෙනුවෙන් මෙම දීමනාව ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවයතුරන් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකාය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව කටයුතු කරයි.
ලබන 12 සහ 13 යන දිනවල සමෘද්ධි බැංකු මගින් එම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂූද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
