“මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා. පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.“
“ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මසකට රු. කෝටියක ආදායමක් මේ බදු දීම හරහා නාගරික සංවර්ධන අධිකාරිය උපයනවා. ආයෝජක සමාගම පළමු වසර සඳහා සමස්ත බදු මුදල වන රු. කෝටි 12ක ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගෙවනවාය අමතරව තවත් කෝටි 24ක් ආරක්ෂක තැන්පතුවක් ලෙස ගෙවා තිබෙනවා. වර්ෂයකට බදු ලෙස ගෙවන රු. කෝටි 12ක මුදල වසර 5කට පසු රජයේ තක්සේරුකරුගේ තක්සේරු අනුව වැඩිකරන්නටත් මේ ආයතනය එකඟ වී තිබෙනවා.“
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
