ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලබා දෙන පළමු කොරෝනා එන්නත් තොගය රැගත් ගුවන් යානය අද(07) අලුයම දිවයිනට ළඟා විය.
එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් පහසුකම යටතේ මෙරටට ලැබී ඇතියි කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුද්ර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළාය.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල එන්නත් කිරීම් අවසන් වූ පසු මහනුවර දිස්ත්‍රික්කයේ අවදානම් ජනතාවට කොරෝනා එන්නත් කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.
යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් COVAX පහසුකම හරහා සම්පාදනය කරඇති මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික විහිදුම් හා එන්නත්කරණ සැලැස්ම ශක්තිමත් කරන අතර ඉදිරි කාලය තුළදී ජනගහනයෙන් සියයට 20කට තීරණාත්මක එන්නත්කරණ සහාය සම්පාදනය කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
