ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම පිරිස පිළිගැනීම සඳහා අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු රජයේ උසස් රාජතාන්ත්‍රිකයන් පිරිසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
