යුධ හමුදාව විසින් 2021 වර්ෂය සඳහා නවීන අංගයන්ගෙන් සමන්විත ඉතාමත් දැකුම්කලු දිනපොතක් සකසා ඇත. ඒ මැති ඇමතිවරුන් සහ වෙනත් ප්‍රභූන්ට තිළිණයක් ලෙස ලබාදීම සඳහාය.
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, මේ එක දිනපොතක් වෙනුවෙන් රුපියල් 9000කට වැඩි මුදලක් වැයකර ඇති බවයි.
ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවලින් දිනදර්ශන හා දිනපොත් මුද්‍රණය කිරීම ජනාධිපති ලේකම් ගේ අනින් මුළුමනින්ම කප්පාදු කර ඇති මොහොතක යුධ හමුදාව විසින් මෙවැනි අධික පිරිවැයක් දරා දිනපොත් බෙදාහැරීම ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ පවා විවේචනයට ලක්ව ඇතැයි පැවසේ.






newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
