පැවති පළාත් සභා නැවත සක්‍රීය කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති අතර අදාළ යෝජනාව කඩිනමින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දැමූ නිසා එම ආයතන සක්‍රීය තත්ත්වය පවත්වාගෙන යාමට මෙම තීරණය ගත යුතු බව එම පක්ෂයේ අදහසයි.
කෙසේ වුවත් මේ සම්බන්ධව පොදුජන පෙරමුණ පාර්ශ්වයේ ප්‍රතිචාරය දැනගන්නට නැත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
