බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන පෙරළා මැගසින් බන්ධනාගාරයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
පිටකොන්දේ ඇති වූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන පසුගිය 23 වනදා බන්ධනාගාර රෝහලට ඇතුලත් කර කෙරුණු අතර 24 වනදා වෛද්‍ය පරීක්ෂාවට ලක්කර තිබිණ.
බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එහිදී කසුන පලිසේනගේ ආබාධ තත්ත්වය සුව අතට පත්ව තිබු හෙයින් නැවත මැගසීන් බන්ධනාගාරයට ඔහුව යොමුකළ බවය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අර්ජුන් ඇලෝසියස්ගේ ආබාධය තවමත් සුවවී නොමැති බැවින් ඔහුව තවදුරටත් බන්ධනාගාර රෝහලේ රඳවා තැබිමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
