සෙල්ෆි ගසමින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් !

 සෙල්ෆි ගසමින් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් !

සාපරාධී කල්ලියක් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලා ගත් තැනැත්තකුට වධ දෙමින් ඔහු මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිද්දී දකුණු ඉන්දියාවේ කේරළ පොලිසිය විසින් එම කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඈත.

සාපරාධී කල්ලිය විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලැබ අතපය ගැටගසා සිටි තැනැත්තා මරා දමනු ලැබෙමින් තිබියදී ඔහු සමඟ ගත් පින්තූර (selfies) ප්‍රචාරය කිරීමෙන් අනතුරුව එම දර්ශන දුටු ඉන්දියානුවන් සන්ත්‍රාසයට පත් වූ බව බීබීසී වාර්තාවක දැක්වෙයි.

එම කල්ලියේ ගොදුරක් බවට පත් තැනැත්තා කේරලයේ පදිංචි ගෝත්‍රික ජන සමූහයක සාමාජිකයෙකි.

එම මනුෂ්‍ය ඝාතනයට හවුල් සෙසු පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා ක්‍රියාන්විත මෙහෙයුමක් පෙරට යමින් ඇති බව ඉන්දීය පොලිසිය බීබීසියට ප්‍රකාශ කර ඇත.

කේරළ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන ප්‍රතීෂ් කුමාර් බීබීසියට අදහස් දක්වමින්, සාපරාධී කල්ලිය අතට පත් තැනැත්තාට පහර දෙමින් ඇති බවට තොරතුරු ලද වහාම එම අපරාධය සිදු කෙරෙමින් පැවති 'පලක්කාඩ්' දිස්ත්‍රික්කයේ නිශ්චිත ස්ථානය කරා වහාම පොඉල්ස් කණ්ඩායමක් යැවීමට පියවර ගත් බව සඳහන් කළේය.

"පහරදීම නතර කිරීමට පොලිසිය සමත් වුනා. ඒ වගේම 'මධු' නමැති එම ගෝත්‍රික තරුණයා වහාම රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පෙරම ඔහු මරණයට පත් වුණා" ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ප්‍රතීෂ් කුමාර් පවසයි.සාපරාධී කල්ලියක් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් අල්ලා ගත් තැනැත්තකුට වධ දෙමින් ඔහු මරා දමන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිද්දී දකුණු ඉන්දියාවේ කේරළ පොලිසිය විසින් එම කල්ලියේ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ ඈත.

සාපරාධී කල්ලිය විසින් ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලැබ අතපය ගැටගසා සිටි තැනැත්තා මරා දමනු ලැබෙමින් තිබියදී ඔහු සමඟ ගත් පින්තූර (selfies) ප්‍රචාරය කිරීමෙන් අනතුරුව එම දර්ශන දුටු ඉන්දියානුවන් සන්ත්‍රාසයට පත් වූ බව බීබීසී වාර්තාවක දැක්වෙයි.

එම කල්ලියේ ගොදුරක් බවට පත් තැනැත්තා කේරලයේ පදිංචි ගෝත්‍රික ජන සමූහයක සාමාජිකයෙකි.

එම මනුෂ්‍ය ඝාතනයට හවුල් සෙසු පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා ක්‍රියාන්විත මෙහෙයුමක් පෙරට යමින් ඇති බව ඉන්දීය පොලිසිය බීබීසියට ප්‍රකාශ කර ඇත.

කේරළ ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු වන ප්‍රතීෂ් කුමාර් බීබීසියට අදහස් දක්වමින්, සාපරාධී කල්ලිය අතට පත් තැනැත්තාට පහර දෙමින් ඇති බවට තොරතුරු ලද වහාම එම අපරාධය සිදු කෙරෙමින් පැවති 'පලක්කාඩ්' දිස්ත්‍රික්කයේ නිශ්චිත ස්ථානය කරා වහාම පොඉල්ස් කණ්ඩායමක් යැවීමට පියවර ගත් බව සඳහන් කළේය.

"පහරදීම නතර කිරීමට පොලිසිය සමත් වුනා. ඒ වගේම 'මධු' නමැති එම ගෝත්‍රික තරුණයා වහාම රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත්තා. ඒත් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පෙරම ඔහු මරණයට පත් වුණා" ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ප්‍රතීෂ් කුමාර් පවසයි.

තරුණයාට වධ දෙන ආකාරය 'ග්‍රැෆික්' දර්ශන සහිතව පෙන්නුම් කෙරෙමින් තිබියදී කේරළය පුරා එම අපරාධයට එරෙහිව මහජන හඬක් අවදි වී ඇත.

එම දර්ශන ඇතැම් රූපවාහිනී ආයතන මගින් ද ප්‍රචාරය කර ඇත.

තරුණයාට වධ දෙන ආකාරය 'ග්‍රැෆික්' දර්ශන සහිතව පෙන්නුම් කෙරෙමින් තිබියදී කේරළය පුරා එම අපරාධයට එරෙහිව මහජන හඬක් අවදි වී ඇත.

එම දර්ශන ඇතැම් රූපවාහිනී ආයතන මගින් ද ප්‍රචාරය කර ඇත.

 100163667 e3cfa00a 6d21 4eaa bdb7 e66a35477924

මැර කල්ලියකට ගොදුරු වූ මේ ඉන්දීය තරුණයාත් ජීවිතයෙන් වන්දි ගෙවන ලද තැනැත්තෙකි

එම අපරාධය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සිත සසල කරන සටහනක් තබන කේරළ සිනමාවේ ජනකාන්ත නළු මම්මූති (Mammooty) මෙසේ සඳහන් කර තිබුණි.

"මධු ගේ මරණය සම්බන්ධයෙන් වගකීම පැවරෙන්නේ අපේ වැරදි සමාජ ක්‍රමයට.මෙය යුක්තිය ඉටු කරනු ලැබීම සාපරාධී කල්ලිවලට පැවරෙන සමාජ ක්‍රමයක්.මිනිහෙක් තවත් මිනිහෙකුට පහර දීම අමානුෂිකයි.ඉතින් අපි නවීන සමාජයක්,දියුණු සමාජයක් කියල කියන්නේ කොහොමද?" ජනකාන්ත නළු මම්මූති (Mammooty) සමාජයෙන් ප්‍රශ්න කරයි

" මේ අපරාධය කරපු පුද්ගලයන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.මේක කේරලයේ පෙරට යමින් ඇති සමාජය මත පතිත කළු පැල්ලමක්" කේරළ මහ ඇමති පිනරායි විජයන් (Pinarayi Vijayan) පවසයි.

 100166251 67fcc900 45d5 4b2d 8760 dda597d07ad2

ඉන්දීය ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින නීතිය අතට ගත් කණ්ඩායමක්

"එවැනි මොහොතක සෙල්ෆි ගැනීමට හැකිවීම තමයි නරකම දෙය" කේරළ ගෝත්‍රික ජන සමාජයේ ක්‍රියාකාරිනියක් වන ධාන්‍යා රාමන් (Dhanya Raman) බීබීසි හින්දි සේවයට ප්‍රකාශ කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න