මෙරට තුළ ගවයන් ඝාතනය තහනම් කිරීමේ තීරණය නීතිගත කිරීම තවත් මසකින් පමණ කල් දැමීමට රජය තීරණය කර ඇත.කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අද (10) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එම යෝජනාව සම්මත වූ බවද ඔහු පැවසීය.
මෙම තහනම් කිරීම මාසයකින් කල් දමන ලද්දේ මේ සම්බන්ධයෙන් වෙනත් පාර්ශවවලට සාකච්ඡා කිරීමට අවශ්‍ය කාලය ලබා දීමට බවද ඔහු කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
