ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ මුල් පුටුව සුරේෂ්ට

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේ මුල් පුටුව සුරේෂ්ට

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය ජයග්‍රහණය කරමින් එහි සභාපතිවරයා ලෙස සුරේෂ් සුබ්‍රමනියම් මහතා තේරී පත්ව ඇත.

පැවති ජන්ද විමසීමේදී සුරේෂ් මහතා ජන්ද 18ක් ලබාගෙන ඇති අතර අනෙක් පාර්ශවයෙන් සභාපතිධුරය සඳහා ඉදිරිපත්වූ රොහාන් ප්‍රනාන්දු මහතාට ලැබී ඇත්තේ ජන්ද 12ක් පමණි.

මේ අතර ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා ලෙස පත්ව තිබෙන්නේ මැක්ස්වෙල් ද සිල්වා මහතාය.

ජාතික ඔලිම්පික් කමිටුව සඳහා නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමේ මෙවර නිලවරණයේ සුවිශේෂීත්වය වසර 9කට පසුව එවැන්නක් පැවැත්වීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න