ජනපති කාර්යාලය පොලු තියලා !

ජනපති කාර්යාලය පොලු තියලා !

ගිනි නිවන රථ සේවා ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මාතර මහ නගර සභාවට ගෙවිය යුතු රුපියල් 28764/- ක මුදල මෙතෙක් ගෙවා නැත.

2018-01-12 දින අකුරැස්ස පානදුගම නිල්වලා ක්‍රීඩාංගනයට හා 2018.02.06 දින හක්මන දෙයියන්දර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණි හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේදී ඒ සඳහා ගිනිනිවීම් සේවා ලබාදීම වෙනුවෙන් මෙම මුදල් ගෙවීමට ඇත.

මැතිවරණ සමයක ජනාධිපතිවරයා පැමිණෙන්නේ අපේක්ෂක ප්‍රවර්ධන සඳහා බැවින් රාජ්‍ය දේපළ පරිහරණය කිරීම සඳහා ඒවා නොමිලයේ ලබාදීමට නොහැකි බවත් රාජකාරි කටයුතු සඳහා පැමිණියේ නම් ගිනි නිවන රථ නොමිලයේ ලබාදිය හැකිබවත් මාතර නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට දැනුම් දී ඇති අතර මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් ගිනිනින රථ සේවා ලබාගැනීම සඳහා තමන් ක්‍රියාකරන බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දීමෙන් පසුව අදාළ ගිනි නිවීමේ රථ සේවා ලබාදී ඊට අදාළ වවුචර්පත් ජනාධිපති ලේකම් කාර්යාලයට යොමුකර ඇත. මෙතෙක් ඊට අදාළ ගෙවීම් සිදුකර නැත.

එහෙත් 2018-01-27 දින කොටපොල ජාතික පාසලට හා 2018-02-07 දින මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයට හෙලිකොප්ටර් යානාවලින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ තිබූ අතර ඒ සඳහා ගිනි නිවන රථ සේවා ලබා ගැනීට පෙර දිනම අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් ගිනි නිවන රථ සේවා ලබාදීම වෙනුවෙන් ගෙවිය යුතු රු. 36394/- ක මුදල මාතර මහ නගර සභාවට ගෙවා ඇත.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න