මෙවර මැතිවරණයේ රත්නපුරයට තරග වදින ප්‍රේමලාල් ඇතුළු 3ක් පෝරකයට

මෙවර මැතිවරණයේ රත්නපුරයට තරග වදින ප්‍රේමලාල් ඇතුළු  3ක් පෝරකයට

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ දී දෙමටගොඩගේ සුනිල් පෙරේරා ‍‍හෙවත් ශාන්ත දෙමටගොඩ නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන  ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි ), සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා යන තිදෙනාට රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා මරණ දඬුවම ඊයේ (31) නියම කළේය.

අධිකරණයේ සාමාන්‍ය නඬු විමසීමෙන් අනතුරුව ඊයේ පස්වරු 1 ට මෙම නඩුවේ තීන්දුව ලබා දුන් අතර තීන්දුව දැන ගැනීමට අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටියහ. අධිකරණ භූමියට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබු තිබිණි.

විත්තිකරුවන් තිදෙනාට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක් වූ දොඩංගොඩගේ සුනිල් පෙරේරා හෙවත් ශාන්ත දොඩම්ගොඩ යන අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසත්, සිද්ධියේදී තුවාල ලැබූ වීරසිංහගේ කරුණාදාස වීරසිංහ සහ මොහොමඩ් ඉල්පාම් දෙදෙනාට එක් අයෙකු විසින් රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක වන්දි ගෙවන ලෙස ද විනිසුරුවරයා විසින් නියම කළේය.

මෙම වන්දි නොගෙවන්නේ නම් තවත් මාස 24 ක් බැගින් වු බරපතළ සිරදඩුවම් ද නියම කරන බවත් විනිසුරුවරයා කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න