අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
මේ බව සඳහන් නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත්කර ඇත.
කොවිඩ්-19 වසංගත තත්ත්වයත් සමග පසුගිය මාර්තු මස 20 වනදා පළමුවරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ අතර ඉන් පසු අවස්ථා කිහිපයකදී ලිහිල් කෙරුණි. පසුගිය 13 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණකි.
ඒ අනුව අද සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් වන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
